හොර ඩුබයි වීසා හදලා මුදල් ගරලා..! සජබ මන්ත්‍රී සොහොයුරා අත්අඩංගුවට..!

June 19, 2023 at 9:12 am | by emanisa.lk

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලය මගින් නිකුත් කරන වීසා බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කර දුන් බව කියන පුද්ගලයකු මහනුවර පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් පෙරේදා (17) අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු සමගි ජනබලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. ඒ. හලීම්ගේ සොහොයුරකු බව ද, ඩුබායි රැකියා ලබාදෙන බව පවසමින් මොහු පුද්ගලයන් රැසක් රවටා ලක්ෂ ගණනින් මුදල් වංචා කර ඇතැයි ද පොලිසිය පවසයි.

මහම්මදු හාෂීන් අලීම් මහම්මුදු රාසික් (58) නමැති සැකකරු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු ඩුබායි දේශයේ රැකියා ලබා දෙන බව කියමින් මුදල් වංචා කළ බවට ලැබුණු පැමිණිලි තුනක් සම්බන්ධයෙන් විමර්ශන කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මහනුවර මූලස්ථාන පොලිසියේ වංචා විමර්ශන අංශය මගින් එම වීසා බලපත්‍ර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මෙරට තානාපති කාර්යාලයට යොමුකර සිදුකළ විමසීමක දී ඒවා ව්‍යාජ වීසා බලපත්‍ර බව තහවුරු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *