හෙලිකොප්ටරේට නැග්ගේ මැදමුලන වළව්ව සදහට ම අතහැරලා..! – විමල්…

February 14, 2023 at 8:20 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට උවමනා කළේ පොහොට්ටුවට ඡන්දය නොතියන බව ඡන්දය තබා පොහොට්ටුව හතරගාතෙන් වැට්ටවීමට බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

“පොහොට්ටුවෝ බලා හිටියා ‘කල් යයි’ කියලා. රනිල් වික්‍රමසිංහට උවමනා වෙලා තිබ්බේ ඡන්දය තියන්නයි. එතකොට පොහොට්ටුව හතරගාතයෙන් වැටෙනවා. බැසිලාගේ ආධිපත්‍යය බිඳවැටෙනවා.

අපි හෙලිකොප්ටරය හදලා තියෙන්නේ වලව්වල මොකෙක් හරි ආපදාවලින් බේරාගන්න නොවෙයි. මැදමුලන වලව්ව සදහට ම අතහැර ආ නායකත්වයකින් හෙබි හෙලිකොප්ටරය ආවේ මහජනයා මුහුණ පා සිටින ආපදාවෙන් ඔවුන් බේරාගන්න.”

හලාවත ලේඩි රෝස් උත්සව ශාලාවේ දී පැවැති නිදහස් ජනතා සන්ධානයේ පුත්තලම් දිස්ත්‍රික් අපේක්ෂක හමුව අමතමින් හෙතෙම මේ බව අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *