හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශ සංචාරය සඳහා වැය කරන්නේ ඔහුගේ පෞද්ගලික ධනය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
හිටපු ජනාධිපතිවරයා එම සංචාරය සඳහා රජයේ මුදල් වැය කරන්නේ දැයිි මාධ්‍ය විමසූ වට කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන පැවසුවේ හිටපු ජනාධිපතිවරයාට ඇතැම් වරප්‍රසාද නෛතිකව හිමි බවයි.
එය පදනම් කරගෙන හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික සංචාරයේ යෙදෙන්නේ රජයේ මුදල්වලින් බවට මාධ්‍ය වාර්තා කර තිබිණි.