හිටපු උප කුලපතිට පහර දුන් සිසුන් 12ක් නෙරපයි…! ඉදිරියේ දී තවත් සිසු පිරිසක් එළියට..!

December 13, 2022 at 10:05 am | by emanisa.lk

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති භූ ගර්භ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්නට ඇතුළු පවුලේ සාමාජිකයන්ට සහ නිවසට පහර දීමට සම්බන්ධ වූ බවට හඳුනාගෙන ඇති සිසුන් දස දෙනකුගේ ශිෂ්‍යභාවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවා ඇත.

එම විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක ටෙරන්ස් මධුජිත් මේ බව පැවසීය.

මහාචාර්යවරයාගේ නිල නිවසේ සවිකොට තිබූ CCTV කැමරා පද්ධතියේ දර්ශන සහ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි නිලධාරීන්ගේ තොරතුරු මත හඳුනා ගත් සිසුන් දස දෙනාගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධියට සම්බන්ධ සිසුන් තව දුරටත් හඳුනා ගනිමින් සිටින බව පැවසූ මහාචාර්යවරයා ඉදිරියේදී තවත් සිසුන් පිරිසකගේ ශිෂ්‍යභාවය අහෝසි විය හැකි බවට ද අනතුරු ඇඟවීය. එසේ ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් ශාස්ත්‍ර පීඨය සහ විද්‍යාපීඨයේ අධ්‍යාපනය හදාරන සිසුන් බව ද මහාචාර්ය ටෙරන්ස් මධුජිත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *