හිටපු ඇමතිවරු දහ නව දෙනෙක් තවමත් ඔවුන්ට ඇමති ධුර දැරූ සමයේ ලබා දුන් නිල නිවාස නැවත ලබා දීමට කටයුතු කර නැති බව වාර්තා වෙයි. මේ වන විට එම නිවාසවලින් ඉවත් වන ලෙස රතු නිවේදන පවා නිකුත් කර අවසන්ය.
හිටපු ඇමතිවරුන් නිල නිවාසවල බලහත්කාරයෙන් රැඳී සිටීම නිසා නිල නිවාස ඉල්ලා ඇති අලුත් ඇමතිවරුන් විස්සකට මෙතෙක් නිවාස ලබා දීමට නොහැකි වී ඇත. කොළඹ නගරයේ කේන්ද්‍රස්ථානවල පිහිටි මෙම නිවාස සඳහා නිවාස කුළි ලෙස අයකරනු ලබන්නේ ඔවුන්ගේ වැටුපින් 10%ක් පමණි.