ලංකාව තටු කැපූ හතුරු භාර ගන්න බංගලිදේශය සූදානම්!

January 29, 2019 at 11:17 am | by admin

ශ්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකර ලෙස කටයුතු කරන චන්දික හතුරුසිංහ එම ධුරයෙන් ඉවත් කිරීමේ සූදානමක් ඇති බව ක‍්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග කියා සිටී.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රභල සාමාජිකයින් දෙදෙනෙකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයට හේතුව හතුරුසිංහ බවත්, එම නිසා ඔහුව ඉවත් කර නව පුහුණුකරුවෙකු ලබා ගතයුතු බවත් පැවසීමෙන් අනතුරුව හතුරුසිංහගේ පුහුණුකරු තනතුර පිළිබඳව අවිනිශ්චිත තත්වයක් පැනනැඟී තිබේ.

මෙතෙක් කණ්ඩායමේ අවසන් 11 දෙනා තේරීම සඳහා හතුරසිංහ මැදිහත් වුවද ඉදිරියේදී හතුරුසිංහ එම කටයුත්තෙන් ඉවත් කර ඇති බව ද වාර්තා වෙයි. මේ අනුව ඉදිරියේ දී හතුරුසිංහ ඉවත් කිරීමට හෝ ඉල්ලා අස්වන තැනට කටයුතු යෙදෙනු ඇත. ඔහුට මාසිකව ලක්ෂ 75ක් පමණ වැටුප් සහ දීමනා ලැබෙන බව පැවසෙයි.

කෙසේ වුවද මේ අතර බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිගෙන් හතුරුසිංහ මහතා වෙත හදීසි දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ධූරයෙන් ඔහු ඉවත්වන ඕනෑම අවස්ථාවක බංගලාදේශය හතුරුසිංහ ලබාගැනීමට කැමැත්තෙන් සිටින බව එහි දී සභාපතිවරයා පවසා තිබේ.

බංගලාදේශය වැනි දුර්වල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කල රටක් කෙටි කාලයක් ඇතුලත මනාව කළමනාකරණය කරගනිමින් ජාත්‍යන්තර ජගග්‍රහණ රැසක් තම රටට ලබාගැනීමට හැකිවුයේ හතුරුසිංහ නිසා බව වැඩි දුරටත් පවසා ඇත.

වර්තමානයේ බංගලාදේශ කණ්ඩායමේ පසුබෑමට හේතුව හතුරුසිංහ වැනි පුහුණුකරුවෙකු නොමැති වීම බවත්, එසේ හෙයින් හතුරුසිංහ මහතාගේ සහය බංගලාදේශ කණ්ඩායමට අත්‍යවශ්‍ය බවත් බංගලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස