සේරුවාවිල රත්තරන් ගවේෂණ අයිතිය ඇමෙයිකා සමාගමට දුන්නා….! – භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශය….

January 13, 2021 at 8:33 am | by emanisa.lk

සේරුවාවිල ප‍්‍රදේශයෙන් හඳුනාගෙන ඇති ඛනිජ නිධියේ පවතින රත්තරන් ඇතුළු අනෙකුත් ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා මීට මාසයකට පමණ පෙර ඇමෙයිකා නමැති සමාගමක් සඳහා තම ආයතනය මගින් ගවේෂණ බලපත‍්‍රයක් නිකුත් කර ඇතැයි භූ විද්‍යා සහ පතල් කැණීම් සමීක්ෂණ කාර්යාංශයේ නිලධාරීහු පවසති.

මෙම සමාගම කැනේඩියා-ශ‍්‍රී ලංකා අනුබද්ධ සමාගමක් බවත්, සේරුවාවිල නිධියේ වර්ග කිලෝමීටර් හයක වපසරියක් තුළ මෙම බලපත‍්‍රයට අනුව ඔවුන්ට සමීක්ෂණ කටයුතු සිදු කළ හැකි බවත් එම නිලධාරීහු අනාවරණය කළහ.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (12) පරිසර අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් මතු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු ලෙස නිලධාරීහු මෙම කරුණු අනාවරණය කළහ.
ගවේෂණ බලපත‍්‍ර ලබාගෙන සමීක්ෂණ කටයුතු සිදු කළ ද ඔවුන්ට කැණීම් බලපත‍්‍ර අනිවාර්යයෙන් ලබා දිය යුතු බවට නීතියක් නැති බව ඔවුහු මෙහිදී සඳහන් කළහ. මෙම අවස්ථාවට පතල් හා භූ විද්‍යා කාර්යාංශයේ සභාපති අනුර වල්පොල ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *