සේනා දළඹුවා බහුජාතික සමාගමක කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්! (vedio)

January 23, 2019 at 10:52 am | by admin

ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තය විනාශ කරමින් දිවයින පුරා වසංගතයක් බවට පත්ව ඇති ‘සේනා දළඹුවා’ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ ඉකුත් 2018 වසරේ මෙරටට ගෙන්වූ බඩ ඉරිඟු බීජත් සමඟ යැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය වාර්තා කර තිබේ.

බහු ජාතික සමාගම් තුනක් හරහා මෙරටට බඩඉරිඟු බීජ ගෙන්වනු ලබන අතර ඉන් එක් බහුජාතික සමාගමක් සිය ඒකාධිකාරිය ලබා ගැනීම සඳහා මෙම දළඹු බිත්තර සමඟ බඩ ඉරිඟු බීජ ගෙන්වා ඇතැයි පැවසෙයි.

එම වසරේ බඩඉරිඟු බීජ මෙට්‍රික් ටොන් 1200ක් ගෙන්වා ඇති අතර බීජ සාම්පල් පරීක්ෂා කිරීමේදී දළඹු බිත්තර රෝග නිරෝධායන ඒකකයට හසුනොවීම පිළිබඳව බලධාරීන් සොයා බැලිය යුතුය. කෙසේ වුව ද කෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.වීරකොන් මහතා පවසන්නේ දළඹුවන් විදේශයක සිට පියඹා ලංකාවට පැමිණි බවය.

ආර්ථික පර්යෝෂණ ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතාද මේ පිළිබදන අදහස් දැක්වීය.

Loading

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස