සේනා දළඹුවා ජෛව අවියක්! වස කොම්පැනි බොරදියේ මාළු බාන්න හදනවා! දේශීය ශාකසාර ඔසුවලින් මඩින්න සූදානම්!

January 25, 2019 at 1:33 am | by admin

දේශීය පළිබෝධනාශක උපයෝගී කර ගනිමින් සේනා දළඹු උවදුර පාලනයට සූදානම් බව අතුරලියේ රතන හිමි ප්‍රකාශ කළේය. සේනා දළඹුවා පෙන්වා තහනමට ලක්කර ඇති රසායනික කෘමි නාශක කිහිපයක තහනම ඉවත් කර ගැනීමට ඇතැම් නිලධාරීන් කටයුතු කරන්නේ යැයි රතන හිමි චෝදනා කරයි. මෙම උවදුර පාලනය දැනට රසායනික කෘමිනාශක සඳහා වැය වන මුදලින් අඩක් වියදම් කර මෙම උවදුර පාලනය කළ හැකි බව එහි දී අනාවරණය විය.

මෙම දළඹු උවදුර ආරම්භ වී ඇත්තේ අදාළ ආනයනිත බීජ සිටවා ඉවත දැමූ රොඩු අඩංගු පැකට්ටුවෙන් බවත් එක සතෙකු වරකට බිත්තර 1900-2300ක් වරකට දමන අතර ඉන් එකක් දෙකක් හැරුණු විට සියල්ල සක්‍රීය බව ද එහෙයින් එය ජෛව අවියක් ලෙස භාවිත කරන බවට සැක කිරීමට සාධක ඇතැයි ද ජෛව විද්‍යාත්මක ගොවිතැන සම්බන්ධ උපදේශක කේ.ඩී. සුනන්දලාල් අනාවරණය කළේය. ශ්‍රී ලංකා ජාතික මහ සභාව කොළඹ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී මෙම තොරතුරු අනාවරණය විය.

මේ වන විට බඩඉරිඟු වගාවට අමතරව වී, බෝංචි, මල් ආදී සෙසු වගාවන් ද විවිධ දළඹු ආක්‍රමණවලට ගොදුරු වෙමින් පවතින බවට තොරතුරු ලැබෙයි. ජාතික ව්‍යවසනයක් ලෙස සලකා මේ සඳහා වහාම පිළියම් නොයෙදුවහොත් රටේ සමස්ත ගොවිතැන ම ඊට ගොදුරු වීමේ අවධානමක් මතුව තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස