සූට්බූට්කාරයන්ට ඉඩ නෑ! ඊළඟ ජනාධිපති ජාතික ඇඳුම අඳින කෙනෙක්!

March 5, 2019 at 7:08 am | by admin

මීළඟ ජනාධිපතිවරණයේදී නියත වශයෙන්ම ජයග‍්‍රහණය කරන්නේ ජාතික ඇඳුමක් අඳින අපේක්ෂකයකු බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම ඊයේ (04 වැනිදා) පැවසීය.

එහි කිසිදු සැකයක් නැති අතර එය ඉදිරියේදී යථාර්ථයක් වනු ඇති බවත් පැවසූ හෙතෙම සූට් බූට්කාරයින්ට ජනාධිපතිවරණයේදී කිසිදු තැනක් නැතැයිද කියා සිටියේය.

මේ වන විට රටේ බහුතර කැමැත්ත ඇති පක්ෂය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ බව පැවසූ කුමාර වෙල්ගම ඉදිරියේදී පැවැත්වෙන ජාතික මැතිවරණවලදී පොදුජන පෙරමුණ සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එකට තරග කළ යුතු බව අවධාරණය කළේය.

මෙම පක්ෂ දෙකේම සිටින්නේ එකම පිරිසක් බැවින් ඒ පිළිබඳ කිසිවකු ගැටලුවක් ඇති කර නොගත යුතු යැයි පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව පළාත් සභා ඡන්ද පැවැත්වීමට බිය වන්නේ ඔවුන්ට කිසිදු ජනතා ප‍්‍රසාදයක් නොමැති බව දන්නා හෙයින් යැයි ද වැඩිදුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස