සීසේරියන් සැත්කම් අට දහසක් කළ බව වෛද්‍යවරයා පිළිගනී! වඳ සැත්කම් කළ බවට මෙන්ම දරුවන් විකුණූ බවට චෝදනා! පොලිසිය වෛද්‍යවරයා අල්ලයි!

May 25, 2019 at 8:53 am | by admin

නීති විරෝධීව වඳ සැත්කම් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය ශෙයිගු ශියාබ්ඩීන් මොහොමඩ් ෂාෆි මහතා සැකකටයුතු වත්කම් ඉපයීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මොහු සිංහල බෞද්ධ මව්රුන් 4000ක් වඳභාවයට පත් කළ බවට චෝදනා එල්ල වී තිබේ

මෙම වෛද්‍යවරයා තමන් සිසේරියන් සැත්කම් අට දහසක්‌ සිදුකර ඇති බව කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂකවරයා ඉදිරියේ ඊයේ (24 වැනිදා) පිළිගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක්‌ ආරම්භ කර ඇති අතර වෛද්‍ය ෂාෆි ෂිහාබ්ඩීන් මතාගෙන් ඊයේ (24) සවස සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ මේ බව හෙළිකළේ යෑයි රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි මහින්ද දිසානායක මහතා කුරුණෑගල මහ රෝහලේ බලධාරීන්ගෙන් ඊයේ සවස ප්‍රකාශ ලබාගෙන තිබුණි.

වඳ සැත්කම් පිළිබඳව මාධ්‍ය මගින් තොරතුරු හෙළි කිරීමෙන් පසු තම ජීවිතයට තර්ජනයක්‌ එල්ල වී ඇති බව පවසමින් වෛද්‍ය ෂෆි මහතා කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයාට තමාට ආරක්‌ෂාව ලබාදෙන ලෙස ඉල්ලමින් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්‌ෂවරයා වෙත දැනුම් දීමක්‌ ද කර ඇත.

වඳ සැත්කම් කළ බවට සහ ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කරමින් රෝහලේ අලුත උපන් දරුවන් විකිණීම මෙන්ම ඉතා කෙටි කාලයක්‌ තුළ අසීමිත ආකාරයට මුදල් ඉපැයූ බවට ද මෙම වෛද්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බව පොලිස්‌ ආරංචි මාර්ග සහ රෝහලේ ආරංචි මාර්ග සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *