සියවස් කාලකට පසු එජාප ජනාධිපතිවරයෙක් දිනවන්න එක්වන්න! – මංගල

January 29, 2019 at 2:24 pm | by admin

වසර 25කට පසු එජාප ජනාධිපතිවරයෙක් ලබා ගැනිමේ සිහිනය අත ළඟ බවත් ඒ සඳහා අවශ්‍ය සහය ලබාදෙන ලෙසත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා ඉල්ලා සිටියි.

මාතර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරිම සඳහා මාතර දි පැවති උත්සව සභාවක් අමතමින් හෙතෙම මේ බව පැවසිය.

එහිදි අමාත්‍යවරයා මෙසේ පැවසීය.

“අපි හිතුවටත් වඩා රුපියල තව දුරටත් අවප‍්‍රමාණය වුණා දැන් යළි වතාවක් එය ස්ථාවර කරන්න කටයුතු කරමින් පවතිනවා. ව්‍යවස්ථාදායකයේ කුමන්ත‍්‍රණයක් ඇති වුණා කියලා ඒ අය බලය අරගෙන පැය 24 ක් යන්න කලින් ලෝක බැංකුව අපට එකඟ වු ගිවිසුම අත්හැරියා. ඇමරිකා එක්සත් ජනපදය පොළි නැතුව ලබා දෙන්න හිටි ඩොලර් මිලියන 569 කිසිම පැකිලිමක් නැතුව තහනම් කරා, ජපානයේ ආධාර තහනම් කරා, ඒ විතරක් නෙමෙයි ඒ හොර ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට ගෙනාපු පළවෙනි හොර පත්‍රිකාව තමයි ගම්පෙරළිය නතර කරන එක, අපි නැවත බලයට ඇවිත් ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කරා. ලංකා ඉතිහාසයේ එක ආසනයකට මෙච්චර මුදලක් එකවර ලබා දීලා නැහැ. ජනවාරි ඉඳන් දැන් කෝටි 30 දක්වා එය වැඩි කරලා තියෙනවා.”

“ඒ වගේම කියන්න ඕන මේ ජනාධිපතිවරණ වර්ෂය, මම පැකිලිමකින් තොරව කියනවා එය මේ වසර ඇතුළත අපට පවත්වන්න පුළුවන්. එජාපයේ මන්ත්‍රිවරුන් බලයට පත්වෙලා මුකුත් කරගන්න බැහැයි කිය කිය හිටියේ. මාධ්‍යයත් තියෙනවනේ, ඔයගොල්ලො ඉන්න කොට අපිට නිදහසේ කතා කරන්න බැහැ. එත් මම කියනම් වසර 25 පසුව එජාපම ජනාධිපතිවරයෙක් ලබා ගැනිමේ සිහිනය අත ළඟම තියෙනවා. අන්න ඒ සිහිනය සැබෑ කරගන්න වැඩ කරන, සංවිධානය වෙන්න කියලා ඉල්ලා සිටිනවා.” යැයි ඔහු වැඩිදුරටත් පැවසිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස