සියලු පාසල් ළමුන්ට නොමිලේ දිවා ආහාරය දෙනවා…! – අධ්‍යාපන ඇමැති..

October 10, 2023 at 6:15 pm | by emanisa.lk

2030 වසර වන විට සියලු ම පාසල් සිසුන්ට පාසල් දිවා ආහාරය නොමිලේ ලබා දීමට ක්‍රියා කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත පවසයි.

2023 වසරටත් වඩා ප්‍රතිපාදන යොදමින් ඉදිරියේ දී පාසල් නිල ඇඳුම්, දිවා ආහාර වැනි දීමනා ක්‍රමානුකූලව වැඩි කරන බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

මේ සියල්ල මධ්‍යයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාළ නොවී පවත්වා ගෙන යාමට අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළ අමාත්‍යවරයා තිරසාර අධ්‍යාපන වැඩපිළිවෙළ ඉදිරියට පවත්වාගෙන යාමට සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරන බවත් සඳහන් කළේ ය.

පාසල් පද්ධතිය තුළ විදුහල්පති හිඟය මගහැරවීම උදෙසා නොවැම්බර් මස මුල දී විදුහල්පති පත්වීම් 4718ක් ලබා දෙන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *