සාපෙළ නොපවත්වා සියලු දරුවන් පාස් කියලා සහතිකයක් දෙන්න…! – ඩලස්…

April 25, 2023 at 3:24 pm | by emanisa.lk

මේ වන විට ලක්ෂ 06ක් පමණ දරුවන් සාපෙළ විභාගය නොපැවැත්වීම නිසා අසරණ වී ඇතැයි හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.

එහෙයින් එක වසරක සාපෙළ විභාගය නොපවත්වා සියලු දරුවන්ට එම විභාගය සමත් බවට සහතිකයක් දීමට හෙතෙම යෝජනා කරයි.

සාපෙළ ප්‍රතිඵලයෙන් ලබාගත හැකි රස්සාවක් නැති බවත් එවිට සියලු දරුවන්ට උසස් පෙළ සඳහා සූදානම් වීමට අවස්ථාව ලැබෙන බවත් අනතුරුව සුපුරුදු ලෙස විභාග පැවැත්වීමට අවස්ථාව ලැබෙන බවත් ඩලස් අලහප්පෙරුම සඳහන් කරයි.

වරක් කොවිඩ් නිසා ලන්ඩන් o/L විභාගය නොපවත්වා මෙලෙස සියලු සිසුන්ට එම විභාගය සමත් බවට සහතිකයක් ලබා දුන් බව ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස