සහල් මිල පාලනයට පිළියම්..! ආනයනිත සහල් බද්ද රුපියලට බස්සයි..!

January 4, 2024 at 12:39 pm | by emanisa.lk

ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල දක්වා අඩුකර තිබේ.

මීට පෙර එය පැවතුණේ ආනයනික සහල් කිලෝවක් සඳහා රුපියල් 65ක් වශයෙනි.

ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ අදාළ තීරණය ජනවාරි මස 02 වනදා සිට එළඹෙන 21 වනදා ක්‍රියාත්මක වන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *