සමනල වැවට අනතුරක් වුණොත් ලංවීම වගකිව යුතුයි..!

October 18, 2023 at 5:53 pm | by emanisa.lk

සමනල වැවේ ජල කාන්දුවක් 1992 සිට ඇති අතර එහි සිදුර ඇත්තේ කොතැනද යන්න පවා නොදැන කාන්දුව නතර කර දැමීම සඳහා රු. බිලියන 2කට අධික මුදලක් පසුගිය සමයේ වැය කොට ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

ගල් අඟුරු බලාගාරය ඉදි කළ පසු සමනල වැවේ ජලට ඉවත් කර අදාළ ජල කාන්දුව නවතා දැමීමට කටයුතු කරන බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කළ බවයි, ඔහු සඳහන් කළේ.

කෙසේ වුව ද මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ පසුගිය නියං සමයේ සමනල වැවේ ජල මට්ටම පහළ ගොස් අදාළ සිදුර මතු වුව ද විදුලි බල මණ්ඩලය එය වසා දැමීම සඳහා කිසිදු පියවරක් නොගත් බවයි.

අනාගතයේ සමනල වැවේ කිසියම් ගැටලුවක් මතු වුවහොත් එහි වගකීම ද ලංවීම දැරිය යුතු බවයි, පාඨලී චම්පික රණවක අවධාරණය කළේ.

යෝජිත විදුලි ගාස්තු පිළිබඳ අදහස් විමසීමේ අවස්ථාවට එකතු වෙමින් මන්ත්‍රීවරයා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *