සතොසට ආ අරක්කු ලොරිය මන්ත්‍රීගේ මැර කල්ලිය පන්නා දමයි…! සතොසෙ අරක්කු විකිණුවොත් මන්ත්‍රීගේ බාර් එකේ බිස්නස් බහිනවලු…!

July 28, 2021 at 7:37 am | by emanisa.lk

ආණමඩුව සතොස ආයතනයට ඊයේ (27) සවස රැගෙන ආ අරක්කු තොගය බෑමට ඉඩ නොදී පිරිසක් කඩු පොලු රැගෙන තර්ජනය කර පන්නා දැමූ බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි ආණමඩුව පොලිසිය කියයි.

අදාළ අරක්කු තොගය ආපසු හරවා යවා ඇත්තේ ආණමඩුව ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ආණමඩුව සතොස ආයතනයට අරක්කු අලෙවිය සඳහා ලැබුණු බලපත්‍රයකට අනුව අරක්කු පලමු තොගය සතොසට රැගෙන විත් ඇති නමුත් එය සතොසට නිකුත් කිරීමට සුදානම් වන අවස්ථාවේ එම ස්ථානයට කඩා වැදි ඇති දේශපාලනාඥයක්ගේ ආධාරකරුවන් බව කියන පිරිස අදාළ ලොරිය ආපසු හරවා යන‍ ලෙසට තර්ජනය කර ඇත.

මෙයට හේතු වි ඇත්තේ එම දේශපාලනඥයාගේ ද අරක්කු අලේවි කිරීමේ ස්ථානයක් ආණමඩුව නගරයේ පිහිටා තිබිම බවත් සතොස ආයතනයට අරක්කු ලබා දීමෙන් එහි අලෙවිය පහත වැටෙන නිසා මෙසේ සිදුකර ඇති බව වාර්තා‍ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *