සටන පාවා දී මා කඩයක සැඟවුණු කතා බොරු..! කඳුලු ගෑස් ප්‍රහාරය මගහැර ගියා විතරයි..! – අනුර..

February 28, 2023 at 8:44 am | by emanisa.lk

පසුගියදා පැවැති විරෝධතාව අතරතුර තමන් කඩයක් ඇතුළට රිංගා බේරුණු බවට සිදුකරන ප්‍රචාර අසත්‍ය බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

පෙළිපාළියට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කොට විසිරුවා හරින තුරු තමා එහි රැඳී සිටි බවයි, ජාජබ නායකයා අවධාරණය කළේ.

පිරිස විසිර ගිය පසුත් කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන පොලිසිය වෙත ගොස් එය නතර කරන ලෙස ඉල්ලා සිටියා මිස තමා අවසාන මොහොත දක්වා පළා නොගිය බව හෙතෙම ප්‍රකාශ කරයි.

එම ඉල්ලීම ද නොතකා කඳුලු ගෑස් ප්‍රහාර එල්ල කරන විට එය මග හැර ගියා මිස, සිය පාක්ෂිකයින් අතහැර පළා නොගිය බව ද ජාජබ නායකයා කීය.

අනුර දිසානායක වැඩි දුරටත් කියා සිටියේ වීරත්වය යනු මෝඩකමට බෙල්ල දීම නොවන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *