සජිත් නාවොත් ආණ්ඩුවක් හදන්න ස්වාධීන කණ්ඩායම සූදානම්…!

May 7, 2022 at 5:10 pm | by emanisa.lk

අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඉවත් වීමත් සමග ආණ්ඩුව පිහිටුවීමට සමගි ජන ජනබලවේගය ඉදිරිපත් නොවන්නේ නම්, අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමේ වගකීම බාරගැනීමට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇතැයි වාර්තා වේ.

ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ නිල නිවසේ දී අද (07) දහවල් රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇතැයි දැනගන්නට ඇත.

සමගි ජන බලවේගය ආණ්ඩුව බාර ගැනීමේ වගකීමෙන් ඉවත් වන්නේ නම් රට අරාජික වීමට ඉඩ නොදී තවත් පාර්ශ්ව රැසක් එක්කර ගනිමින් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව එහිදී ප්‍රකාශ වී ඇත. පක්ෂ නායකයන් එක්ව පිහිටුවන ජාතික සභාවකින් නව අග්‍රාමාත්‍යවරයා තෝරා ගැනීමට ද එහිදී යෝජනා වී ඇතැයි වාර්තා වේ.

නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, උදය ගම්මන්පිල ,මහාචාර්ය තිස්ස විතාරණ, ජයන්ත සමරවීර, ඩිව් ගුණසේකර, විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග සහ අතුරලියේ රතන හිමියෝ ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *