සජබ මනෝ හකීම් ආණ්ඩුවට..!

April 19, 2023 at 11:05 am | by emanisa.lk

ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන යෝජනාව අප්‍රේල් 25 වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය පහසුකම ලබා ගැනීමට ඇති කරගත් කොන්දේසි හා ගිවිසුම ද එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම යෝජනාව ඉදිරිපත් කරන බවත් ඔහු පවසයි.

එහිදී තමන් හා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් විසින් එම ජාතික ආණ්ඩුව පිහිටුවීම සඳහා විපක්ෂයේ සහයෝගය ඉල්ලා සිටීමට තීරණය කර ඇති බවයි, මන්ත්‍රීවරයා තව දුරටත් පැවසුවේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස