සජබ කිසි ම දෙදරීමක් නෑ…! හෙට අනිත්දා ම ආණ්ඩුව දෙදරනවා…! – තිස්ස…

May 20, 2023 at 8:15 am | by emanisa.lk

ආණ්ඩුවේ ඇතැමුන් පවසන පරිදි සමඟි ජන බලවේගයේ කිසිම දෙදිරීමක් නොමැති නමුත් හෙට අනිද්දා වන විට ආණ්ඩුවට බහුතරය නැති වෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.

“රටේ ප්‍රශ්න එකක්වත් විසඳලා නැහැ. ආණ්ඩුවට කවුරු හරි එකතුවෙනවා නම් අපි දකින්නේ එය මේ රට බංකොලොත් කරපු කණ්ඩායම ආරක්ෂා කරන්න එකතු වීමක් හැටියට. පක්ෂයේ තීරණයකට පටහැනිව ක්‍රියාකරන ඕනෑම කෙනෙක් මොන කතාව කිව්වත් එය විනය විරෝධී කටයුත්තක් හැටියටයි අපි සලකන්නේ.

ආණ්ඩුවේ මැති ඇමතිකම් ගන්න අපිට ජන්දය දීලා නැහැ. තනතුරු වෙනුවෙන් ජනතා අපේක්ෂා යටපත් කරන්න ඉඩදෙන්න බැහැ. අද ආණ්ඩුව රැකගන්න ජනාධිපති සහ ආණ්ඩුව බොහෝ උපක්‍රම යොදමින් ඉන්නේ.

මේ වෙද්දී 34ක් ආණ්ඩුවෙන් ගිලිහිලා විපක්ෂයේ මතයත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආණ්ඩුව දැඩි ලෙස බිඳ වැටිමක ඉන්නේ. තව හත් අට දෙනෙක් වෙනස් වුණ ගමන් මේ ආණ්ඩුව වැටෙනවා.
වැඩි කලක යන්න කලින් ආණ්ඩුවට බහුතරය අහිමි වෙනවා.

ඒ අනුව ආණ්ඩුව තුළ විශාල දෙදරීමක් තිබෙන බව ඊයේ දින හිටපු ඇමතිවරයෙක් වූ එස්. එම්.චන්ද්‍රසේන මහතාගේ ප්‍රකාශයෙන්ම තහවුරු වී තිබෙනවා.”

ඒ, ඊයේ (19) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස