සංචාරකයින් 2000ක් රැගෙන මේන් ෂිප් ෆයිව් නෞකාව කොළඹට…!

November 30, 2022 at 9:07 am | by emanisa.lk

සංචාරකයන් 2000 කට අධික පිරිසක් රැගත් මේන් ෂිප් ෆයිව් නමැති අධි සුඛෝපභෝගි නෞකාව ඊයේ (29) කොළඹ වරාය වෙත පැමිණ ඇත.

මෝල්ටා ධජය යටතේ පින්ලන්තයේ නිෂ්පාදනය කරන ලද මෙම නෞකාව ජර්මනියේ නෞකා සමාගමට අයත් වන අතර ලෝකයේ අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවකි.

මගීන් 2030 ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 945 දෙනකුගෙන් සමන්විත මෙම නෞකාව තුර්කියේ අන්ටාලියා වරායෙන් දින 46 ක සංචාරයක් සඳහා පිටත්ව ඇත.

එම නෞකාව ඊජීප්තුව, ජෝර්දානය, ඕමානය යන රටවල සංචාරය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත. එහි පැමිණි සංචාරකයින් ඊයේ කැලණිය රජ මහ විහාරය, දියත උයන ආදී ස්ථාන ගණනාවක සංචාරය කර තිබේ.

මෙම සංචාරකයින් සමග රට තුළට විශාල ඩොලර් ප්‍රමාණයක් ගලා එනු ඇති බව සංචාරක ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *