ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක්වූ ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව ඉවත් කර ගත යුතුයි! ආණ්ඩුව පවත්වාගෙන යන්නේ 2006 පෙර තිබූ හමුදා කඳවුරු පමණයි!

January 28, 2019 at 5:24 am | by admin

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ඇමරිකා එක්සත් ජනපදය, මහා බ්‍රිතාන්‍ය ඇතූළු රටවල් කිහිපයක් එක් වී ශ‍්‍රී ලංකාවට එරෙහිව ගෙන ආ චෝදනාව පිළිබඳව 2019 මාර්තු මාසයේදී නැවත සලකා බැලීමක්, ප‍්‍රගති සමාලෝචනයක් සිදු කරන බවත් එහිදී වත්මන් රජය තමන් මේතාක් දුරට අත්පත් කරගෙන තිබෙන ප‍්‍රගතිය පිළිබඳ විධිමත් වාර්තාවක් ඉදිරිපත් කර එම යෝජනාව ඉවත් කර ගැනීම සඳහා ක්‍රියාත්මක විය යුතු බවත් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික මහතා අද (24) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.

“අපි සංහිඳියාව ඇති කිරීම සඳහා විශාල පියවර ප‍්‍රමාණයක් අරන් තියෙනවා. අපි අපේ හමුදාව යුද්ධයේ අවසානයෙන් පසු එළැඹිසංක‍්‍රාන්ති සමයේදී වගේ නැතිව, එදිනෙදා සාමාන්‍ය ජන ජීවිතයට ඔවුන් කළ මැදිහත්වීම් ඉවත් කරලා, රටේ සෑම පළාතකම එක හා සමාන සාමාන්‍ය වාතාවරණයක් ඇති කරන්නට කටයුතු කර තිබෙනවා ඒ වගේම යුද්ධය අවස්ථාවේ ඒ කටයුතු සඳහා ස්ථාපනය කර තිබූ අනු කඳවුරු සියල්ල ඉවත් කරලා, අවසාන යුද්ධයට පෙර, ඒ කියන්නේ 2006 මෙහෙයුමට පෙර තිබූ හමුදා කඳවුරු පමණක් ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරලා තිබෙනවා. ඒ වගේම යුධ සමයේ ඔවුන් භාවිත කරපු ඉඩම් වලින් සියයට 90කින් පමණ ඉවත් වෙලා තිබෙනවා. සාමාන්‍ය ජනයාගේ ඉතිරි දේපළත් ලබන මාර්තූවලට පෙර නිදහස් කල හැකි වේවි. ඊළඟට අපි බලගතු මානව හිමිකම් කොමිසමක් හදලා තිබෙනවා. ඒ මානව හිමිකම් කොමිසම ඔවුන් තමන් ස්වාධිනව ක‍්‍රියාත්මක වන බව ඔප්පු කරමින් ආණ්ඩුවේම කොටස්වලට විරුද්ධවත් ඔවුන්ගේ වාර්තා නිකුත් කර, ආණ්ඩුවේ බලපෑමකින් තොරව ක‍්‍රියාත්මක වන බව ක‍්‍රියාවෙන්ම පෙන්වා තිබෙනවා. ඊළඟට අපි බලගතු පොලිස් කොමිසමක් හදලා පොලීසිය ස්වාධින කරලා තියෙනවා. නීතිය හා සාමය රකින්නේ පොලීසිය. ඔවුනුත් ස්වාධීනව ක‍්‍රියාත්මක විය හැකි බව පෙන්නුම් කරලා තියෙනවා”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස