ශ්‍රීලනිප-පොහොට්ටු එකඟතා බිඳ වැටිලා! සංවර්ධන කටයුතුවලින් අපි කොන්කරලා!- ශ්‍රීලනිපය…

December 28, 2020 at 4:49 pm | by emanisa.lk

ජාතික ලැයිස්තුව, ඇමැති ධුර, ආණ්ඩුකාර ධුර සහ විවිධ නිලතල බෙදාහදා ගැනීම් පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එකඟතා පැවැති බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස පවසයි.

මෙම එකඟතා මේ වන විට බිඳ වැටී ඇති බවත් රටේ සංවර්ධන කාර්ය සඳහා ශ්‍රීලනිප ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රිවරුන් සහභාගී කරවා ගැනීම අවම මට්ටමක ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

එහෙයින් ශ්‍රීලනිපයට වර්තමාන ආණ්ඩුව යටතේ සාධාරණත්වය ඉටු නොවූ බවට විශාල පීඩනයක් පක්ෂය තුළින් මතුව ඇතැයි ද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *