ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක්…! තහනම පිටුපස ෂම්මි සිල්වා..!

November 11, 2023 at 9:28 am | by emanisa.lk

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටවූ බව එම සභාව ඊයේ (10) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳ අවධානය යොමුකර මෙම තීරණය ගත් බවත් තහනමට අදාළ කොන්දේසි පසුව දැනුම්දෙන බවත් අන්තර්ජාතික ක්‍රිකට් සභාව සඳහන් කළේය.

මෙම තහනම අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉදිරියේදී කිසිදු අන්තර්ජාතික තරගයකට සහභාගී විය නොහැකි අතර අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ කිසිදු රැස්වීමකට සහභාගී විය නොහැකිය.

මෙම තහනම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වාගේ ඉල්ලීම මත සිදුකර ඇතැයි වාර්තා පළවෙයි. ෂම්මි සිල්වා මේ වන විට ඉන්දියාවට ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *