ශ්‍රීලනිපය ගොඩගන්න බැරි නිසා කෘතහස්ත සජිත් සමග එකතු වුණා…! – ශාන් විජයලාල්…

January 5, 2024 at 4:38 pm | by emanisa.lk

පාසල් වියේ සිට වසර 45ක් අඛණ්ඩව තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා පවසයි.

මාස හයක් තිස්සේ පක්ෂය පිළිබඳ ජනතා විශ්වාසය ඇති කර ජයග්‍රාහී මානසික මට්ටමකට ගෙන ඒමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ශ්‍රීලනිප නායකත්වය දැනුම්වත් කළ ද පළක් නොවූ බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ.

එහෙයින් අවංක කෘතහස්ත නායකත්වයක් සහිත වැඩි ජනතා ප්‍රසාදයක් ඇති සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය තෝරා ගැනීමට සිදුවූ බව ද ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *