වෛද්‍යවරුන් 60න් යවන්න ගෙනා විරෝධතාව ප්‍රතික්ෂේපිතයි…!

June 2, 2023 at 8:45 am | by emanisa.lk

වයස අවුරුදු 60 සම්පූර්ණ වූ රාජ්‍ය සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් විශ්‍රාම ගැන්වීමට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් තම අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබිණි,

එය දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටිමින් නීතිපති හා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ඉදිරිපත් කළ මූලික විරෝධතාව අභියාචනාධිකරණය ඊයේ (01) ප්‍රතික්‍ෂේප කළේය.

භියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් එම අතුරු තහනම් නියෝගය ලබන 06 වැනිදා දක්වා තව දුරටත් දීර්ඝ කළහ.

විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ගොනු කර තිබූ එම පෙත්සම සම්බන්ධයෙන් විවාදය එදින ආරම්භ කිරීමට ද දින නියම කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *