වෙසක් සමයේ ඔළුබක්කන් නැටවීම තහනම්…!

May 4, 2023 at 10:38 am | by emanisa.lk

වෙසක් සතිය තුළ ආගමට, සදාචාරයට සහ සංස්කෘතියට නොගැළපෙන ආකාරයේ කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටී.

පොහොය දිනය ඇතුළු වෙසක් දිනවල එවන් ක්‍රියාවලට කිසිසේත් ඉඩ නොදෙන බවට පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.

ඔළුබක්කන් නැටවීමට ද කිසිසේත් ඉඩනොදෙන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව කියයි.

මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන් වෙසක් කාලයට නොගැලපෙන නුසුදුසු විවිධ කටයුතු සිදු නොකරන ලෙස ද හෙතෙම මහ ජනයාගෙන් ඉල්ලා සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස