වෙල්ගම ලංගම බස්රථ 18ක් ගල් කරලා!

January 27, 2019 at 2:27 am | by admin

කුමාර වෙල්ගම ප්‍රවාහන අමාත්‍ය ධුරය දැරූ සමයේ ලංගමයට නොමිලේ ලැබුණු බස් රථ 18ක් අස්ථානගත කර ඇති බව හෙළි වී තිබේ. එසේම මතුගම ප්‍රදේශයේ 2014 ජනවාරි මස පැවති රැස්වීමක් සඳහා ගාස්තු ගෙවීමකින් තොරව ලංගම බස් රථ 47ක් යොදා ගෙන ඇති බවත් හෙළිදරව් වී තිබේ. පසුගියදා එළිදැක්වූ කෝප් කමිටු වාර්තාව මගින් මෙම කරුණු අනාවරණය වී ඇත.

2013-2014 සමයේ ප්‍රවාහන අමාත්‍ය ධුරය කුමාර වෙල්ගම මහතා ද ලංගම සභාපති ධුරය ශෂී වෙල්ගම මහතා ද දරනු ලැබූ අතර එම කාලයේ ලංගමයට බස් රථ 2200ක් මිලට ගෙන තිබේ. බස්රථ 10ක් මිලයට ගන්නා විට එක් බස් රථයක් නොමිලේ ලැබෙන අතර ඒ ආකාරයට ලංගමයට ලැබිය යුතු බස් රථ 18ක් අස්ථානගත වී ඇත. එසේ ලංගමයට ලැබිය යුතු බස් රථ 18ක් ගමනාගමන මණ්ඩලයේ නමට ලබා ගෙන නොමැති අතර කළුතර පාසල් අතර බෙදා දී ඇතැයි පැවසෙයි. අදාළ සමාගම එම බස් රථ පරිත්‍යාගයක් කළ බවට ලේඛන ඇත්නම් ඒවා කාරකසභාවට ඉදිරිපත් කරන ලෙස කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස