වෘත්තීය පුහුණු අධිකාරියේ දූෂිත සභාපති පන්නයි….! ඇමැති තීන්දුවට ජනපති අනුමැතිය….!

April 4, 2021 at 10:26 pm | by emanisa.lk

වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ වහා ම ක්‍රියාත්මක වන පරිදි එම ධුරයෙන් පහ කිරීමට ආණ්ඩුව තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

දමිත වික්‍රමසිංහ වෘත්තීය පුහුණු අධිකාරියට පැවරී ඇති වගකීම අමතක කර සිය ප්‍රතිරූපය නංවා ගැනීම සඳහා නොතිප් ආශාවෙන් වැඩ කරන්නෙකු ලෙස වෘත්තීය පුහුණු අධිකාරියේ බොහෝ දෙනාගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

වෘත්තීය පුහුණු අධිකාරියේ 25 වන සංවත්සරය රු. ලක්ෂ 50ක් වැය කර මහ ඉහළින් සැමරීම සඳහා කොළඹ හිල්ටන් හෝටලයේ උත්සවයක් පවත්වා ඇත්තේ සභාපති දමිත වික්‍රමසිංහගේ තනි කැමැත්තට බවත් ඊට එහි සියලු ඉහළ නිලධාරීන් විරෝධය පළකර ඇති බවත් වාර්තා වෙයි.

මෙම උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වීමට නියමිතව සිටි අගමැති මහින්ද රාජපක්ෂ තබා එම ආයතනය භාර ඇමැතිනිය වන සීතා අරඹේපොළ පවා සහභාගී වී නොමැත.

දිගින් දිගට ම ආයතනයේ මුදල් අවභාවිත කිරීම, කිසිදු ප්‍රයෝජනයක් නොමැති වැඩ සටහන් ආරම්භ කිරීම, ආයතනයේ දේපොළ හිතුමතේ අපයෝජනය කිරීම, ආයතනයේ නීතී රීත සියල්ල පමණක් නොව ඇමැතිනිය පවා නොතකා ඒකාධිපතියෙකු ලෙස කටයුතු කිරීම, සමස්ත වෘත්තීය පුහුණු අධිකාරිය ම සිය ප්‍රතිරූපය නංවා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා අවභාවිත කිරීම මොහුට එල්ලව ඇති චෝදනා සමහරකි.

ජනාධිපතිවරයාගේ සහ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු ලෙස හඳුන්වා දෙමින් කටයුතු කරන සභාපතිවරයා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපය පවා විනාශ කරමින් ඇතැයි ආයතන සේවකයෝ චෝදනා කරති. මේ චෝදනා එල්ල වන්නේ දේශාපලකයෙකුට නොව වියත්මග ඉදිරිළෙ සාමාජිකයෙකුට වීම පුදුම සහගත ය.

කෙසේ වුව ද මොහු වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට ඇමැතිනී සීතා අරඹේපොළ කටයුතු කර ඇති අතර ඒ සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය ද හිමිව ඇතැයි දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *