විසිපස් වසරක් සීතාගාරයක සිට මව්බිමට පස්වන්න පැමිණි යාපනේ ස්ටීවන්!

April 9, 2019 at 9:56 am | by admin

ඉතාලියේ දී වසර 25 කට පෙර මියගිය යාපනයේ පදිංචිකරුවකුගේ සිරුර ඉකුත් 6 වැනි දා යාපනයට ගෙනවිත් අවසන් ගෞරවය සඳහා නිවසේ තබා මිහිදන් කර තිබේ.

මෙසේ ගෙනවිත් ඇත්තේ දැනට වසර 25 කට පෙර ඉතාලියේ දී මියගිය යාපනය චාවකච්චේරිහි පදිංචිව සිටි එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තාගේ සිරුරයි.

එවකට 49 වැනි වියෙහි පසුවූ එම්. ස්ටීවන් ජෝර්ජ් නැමැත්තා ඉතාලියට ගොස් රැකියාවක් කරමින් සිටියදී හදිසියේ රෝගාතූර වී 1994 මැයි 24 වැනි දා මිය ගොස් ඇත.

ඒ වන විට මෙර දැඩි යුද තත්ත්වයක් පැවති හෙයින් සිය සිරුර යුද්ධය නිමාවන තුරු රටට නොයවන ලෙස ඉල්ලා වසර 25ක් සීතාගාරයක තැන්පත් කර තැබීමට ඔහු මුදල් ගෙවා තිබේ.

යුද්ධය මීට පෙර අවසන් වුවද සිරුර සුරක්ෂිත කිරීමේ ගිවිසුමට අනුව 25 වසරක් ගතවන තුරු එරට සමාගම සිරුර නිදහස් කළ නොහැකි බව සඳහන් කිරීමෙන් 25 වසරකින් පසු සිරුර මෙරටට ගෙන්වා අවසන් ගෞරව දක්වා මිහිදන් කිරීමට ඔහුගේ භාර්යාව පුතා ඇතුළු පිරිස කටයුතු කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස