විරෝධතාවට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් සජබ බුද්ධි අංශ මගින් හඳුනා ගෙන අවසන්…! හිරුණිකා…

January 31, 2024 at 6:23 pm | by emanisa.lk

ඊයේ සිය විරෝධතා පා ගමනට පහර දුන් සියලු පොලිස් නිලධාරීන් සමගි ජන බලවේග බුද්ධි අංශ මගින් මේ වන විටත් හඳුනා ගෙන අවසන් බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අවධාරණය කළේ, ඒ සියලු දෙනාට එරෙහිව පෞද්ගලිකව මානව හිමිකම් කඩකිරීමේ නඩු පවරා උසාවියට රැගෙන යන බවයි.

විපක්ෂයේ ප්‍රධාන පක්ෂයට මෙලෙස ප්‍රහාරයක් එල්ල කළේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ද ඇය ප්‍රකාශ කළාය.

ඊයේ රනිල් වික්‍රමසිංහ විසින් පහර දුන් සියලු දෙනා මීට පෙර ඔහු නියෝජනය කළ කඳවුරේ ජනතාව බව ද හිරුණිකා වැඩි දුරටත් සඳහන් කළාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *