විපක්ෂය සහ පොහොට්ටුව එක්වෙයි..! පුංචි ඡන්දෙට ඒකාබද්ධ යෝජනාවක්…!

March 5, 2023 at 9:00 am | by emanisa.lk

පළාත් පාලන මැතිවරණය නියමිත පරිදි පවත්වන ලෙස පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර එකඟතාවක් ඇති කරගෙන තිබේ.

පසුගියදා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී ඡන්දය නියමිත ලෙස පවත්වන ලෙස මැතිසබා යෝජනාවක් සම්මත කරගත යුතු යැයි මුලින්ම යෝජනා කර ඇත්තේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ය.

එම යෝජනාව ඉදිරිපත් වූ විට පොහොට්ටුව පක්ෂයේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් ඇතුළු ජ්‍යෙෂ්ඨයන් ද ඊට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබේ.

මේ සඳහා වන යෝජනාවේ මූලික කෙටුම්පත පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටි සාගර කාරියවසම්, එම යෝජනා කෙටුම්පත සලකා බලා තම පක්ෂයේ අදහස් ද ඊට ඇතුළත් කරන බව සඳහන් කර තිබේ.

ඉන්පසු පොහොට්ටුවේ සහ විපක්ෂයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස ඡන්දය නියමිත පරිදි පවත්වන ලෙස ඉල්ලන යෝජනාව මැති සබයට ඉදිරිපත් කළ හැකි බව පොහොට්ටුව මහ ලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *