විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට රනිල්-මහින්ද හවුලක්!

January 24, 2019 at 6:09 am | by admin

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ සහයෝගය ලබා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇතැයි මාධ්‍ය වාර්තා පළ වී තිබේ.

පසුගිය දින කිහිපයේ මේ පිළිබඳ දෙපාර්ශවයේ නියෝජිතයන් අතර සාකච්ඡා කිහිපයක් පවත්වා ඇති අතර පසුගිය දා ශ්‍රී ලංකාව විනාශ කිරීමට ඉදිරිපත් කර ඇති ව්‍යවස්ථා කෙටුම්පත යන සිරස්තලය යටතේ මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයේ ද විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට තමන්ගේ අකමැත්තක් නැතැයි පවසා තිබිණි.

රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය ජනාධිපතිවරණ දෙකටම තරඟ වැදීමට පවා අවස්ථාවක් නොලැබුණු අතර ඔහුට ජනාධිපතිවරණයක් ජය ගැනීමේ හැකියාවක් ඇතැයි එජාප පාක්ෂිකයන් අතර පවා විශ්වාසයක් නොමැත. 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා මහින්ද රාජපක්ෂ මහතාට ද ජනාධිපතිවරණය සඳහා තරග කළ නොහැකිය.

මේ වන විට එජාපය තුළ මෙන්ම ශ්‍රීලනිප සහ පොදුජන පෙරමුණු කණ්ඩායම් තුළ ද සිය අනාගත ජනාධිපති අපේක්ෂකයා ගැන ඇත්තේ මහභේදාත්මක අදහස්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස