විදේශ සේවා නියුක්තියෙන් කටුනායක දී හොර සහතික…! දවසක ආදායම ලක්ෂ 50යි…!

January 4, 2021 at 11:19 am | by emanisa.lk

කටුනායක ගුවන්තොටුපොළට අනුයුක්ත කර සිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් දහසය දෙනකු දූෂණ චෝදනා මත සේවයෙන් ඉවත් කර තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි නොවූ විශාල පිරිසකට මෙම නිලධාරීන් ව්‍යාජ ලෙස ලියාපදිංචි සහතික ලබාදෙමින් මැදපෙරදිග රටවලට යවා ඇතැයි හෙළි වී ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වූවන් ලෙසට ව්‍යාජ සහතිකයක් ලබාදීම සඳහා මෙම නිලධාරීන් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂයක පමණ මුදලක් ලබාගන්නා බව ද මේ ආකාරයට ලියාපදිංචිය නොලත් පනස් දෙනකුට පමණ දිනකට හොර රහසේ ගුවන්ගත වීමට අවස්ථාව ලබා දෙන බව ද අනාවරණය වී ඇත.

ඒ අනුව දිනකට රුපියල් ලක්ෂ 50ක් පමණ උපයා ගන්නා මෙම නිලධාරීන් එම මුදල විදෙස් රැකියා නියෝජ්‍ය ආයතන සමග බෙදා ගන්නා බව ද හෙතෙම කීවේ ය. කොවිඩ් වසංගතය පැවැතියත් ඇතැම් මැදපෙරදිග රටවලට මේ දිනවල ශ්‍රමිකයන් යවන බව කී ඉහත ප්‍රකාශකයා එසේ පිටව යන අයට ද මෙම නිලධාරීන් කාර්යාංශයේ ලියාපදිංචි සහතිකය ව්‍යාජ ලෙස ලබා දී ඇතැයි කීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *