විග්නේශ්වරන්ගෙන් යෝජනාවලියක්…! 13 බලාත්මක කරන සාකච්ඡා ඇරඹේ…!

May 20, 2023 at 9:55 am | by emanisa.lk

පළාත් සභා මැතිවරණය පැවැත්වීම හා බලය බෙදා හැරීම සම්බන්ධයෙන් කමිටුවක් පත් කරන බවත් එම කමිටුවේ තීරණ ලබන ජුනි මාසයේදී සමාලෝචනයට ලක් කරන බව ත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය දා දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයන් හා ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවේදී ය.

මෙම කමිටුවේදී තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් විසින් සකස් කරන ලද කෙටුම්පතක් පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරෙනු ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා වෙත භාර දී ඇති එම කෙටුම්පතේ ආණ්ඩුව හා පළාත් සභා අතර ඇති පරිපාලනමය ගැටලු විසඳා 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සඳහන් බලතල සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න සඳහන් වේ.

මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දැක්වු විග්නේෂ්වරන් මන්ත්‍රීවරයා පැවැසුවේ උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධන සැලසුම් හා බලය විමධ්‍යගත කිරීම පිළිබද ඉදිරි සාකච්ඡා ලබන ජුනි මාසයේදී පැවැත්වෙන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ය.

කෙසේ වෙතත් මෙම කමිටුව නිෂ්ඵල ප්‍රයත්නයක් බව දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස