ව්‍යවස්ථා හිල්වලින් රිංගා යළි ජාතික ආණ්ඩුවක් හදන සූදානමක්? ජවිපෙ සපථ කළ සේ සටනට බහී ද?

January 25, 2019 at 2:25 am | by admin

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමඟි සන්ධාන රජයේ ප්‍රතිපත්ති පිළිගන්නා සියලු පාර්ශ්ව ඒකරාශී කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට රජය ඊයේ (24) තීරණය කළේය.

රජය මේ තීරණය ගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂවල පාර්ශ්ව ගණනාවක් සමඟ පැවැත් වූ සාකච්ඡාවක ප්‍රතිළුලයක් ලෙසිණි.

ජාතික රජය පිහිටුවීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයේ සහාය ගැනීමේ සාකච්ඡා ද මේ වන විට එක්සත් ජාතික පෙරමුණේ ඉහළම නායක මට්ටමෙන් ක්‍රියාත්මකවේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ සරල බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීමට ද යෝජනා වී තිබේ. කෙසේ වුවද ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය හෝ ඒකාබද්ධ විපක්ෂය එම ජාතික ආණ්ඩුවට එකතු වන බවට තොරතුරු නැත.

ජාතික ආණ්ඩුවක් නොමැති අවස්ථාවල කැබිනට් මණ්ඩලය 30කට සීමා කිරීම නිසා මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම මෙහි මූලික අරමුණ විය හැකිය. ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා ඇමති මණ්ඩලය වැඩි කර ගැනීම සඳහා ජාතික ආණ්ඩු පිහිටු වීමට කටයුතු කළහොත් ඊට එරෙහිව මහින්ද රාජපක්ෂ සමග හෝ එකතු වී සටන් කරන බව ජවිපෙ නායකයෝ මීට පෙර සපථ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස