ව්‍යවස්ථාවෙන් රට බෙදන්නේ නෑ! නමුත් මැතිවරණ තබා ව්‍යවස්ථාව ගෙන ඒ්ම සුදුසුයි! – මල්වතු නාහිමි නැවතත් බහුතර මතයට එරෙහිව

January 19, 2019 at 12:42 am | by admin

නව ව්‍යවස්ථාවක් ගෙන එමින් රට බෙදීමේ අවශ්‍යතාවක් කිසිවකුට හෝ ඇතැයි තමන් වහන්සේ විශ්වාස නොකරන බව මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ පැවැසූහ. විපක්ෂය නියෝජනය කරන දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් ද නව ව්‍යවස්ථාවක් සකස් කිරීම පිණිස පත්කළ කමිටු නියෝජනය කරමින් අදහස් ඉදිරිපත් කර තිබෙන බවත් ගෙන ඒමට යෝජිත ව්‍යවස්ථාව සඳහා වන යෝජනා තුළ නරක මෙන්ම හොඳ ද තිබෙන බවත් උන්වහන්සේ කීහ.

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම උදෙසා ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත් කරනු ලැබූ විශේෂඥ කමිටුවේ වාර්තාව පිළිබඳ මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට පිළිගන්වා කරුණු ඉදිරිපත් කිරීම පිණිස එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු කණ්ඩායමක් ඊයේ (18) ගිය අවස්ථාවේ උන්වහන්ස් මේ බව පැවැසූහ.

පාර්ලිමේන්තුවේ සභානායක, උඩරට උරුමය, රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍යය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති රංජිත් මද්දුමබණ්ඩාර, ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ ඇමැති දයා ගමගේ, නාගරික සංවර්ධන හා ජලාපවහන රාජ්‍යය ඇමැති ලකී ජයවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේබණ්ඩාර, මයන්ත දිසානායක යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

මේ ව්‍යවස්ථා ක්‍රියාවලිය වසර දෙක තුනක පටන් ආරම්භ කර ඉදිරියට පවත්වා ගෙන ආ එකක් බවත් මෙය කඩිමුඩියේ ගෙන එන එකක් ලෙස පිළිගත නොහැකි බවත් කී මහනාහිමියෝ පවතින තත්ත්වය අනුව මේ අවස්ථාවේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය කාලය නොමැති බැවින් වඩා සුදුසු වන්නේ මැතිවරණ සියල්ල අවසාන වීමෙන් පසු මේ සඳහා කටයුතු කිරීම බව ද පෙන්වා දුන්හ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස