ව්‍යාපාරිකයින් දහ දෙනෙකුගෙන් ලංකා – මහජන බැංකුවලට කෝටි 8000ක පොල්ලක්…!

December 3, 2023 at 5:51 pm | by emanisa.lk

මෙරට ඉහළ පෙළේ ව්‍යාපාරිකයන් දස දෙනෙක් ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි 8,000 ක පමණ ණය පැහැර හැර ඇති බව ලංකා බැංකු සේවක සංගමය පවසයි.

එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායක පෙන්වා දෙන්නේ එම ව්‍යාපාරිකයින්ගේ නම් හෙලි කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් බවයි.

අදාල ව්‍යාපාරිකයන් කරමින් දේශපාලන රැකවරණ ලබමින් ඉහළ ව්‍යාපාර මගින් උපයන මුදල් පිටරට තැන්පත් කරමින් අදාළ බැංකු දෙකට පොලු තියා ඇති බවත් ලංකා බැංකුවට රුපියල් කෝටි 5,000 ක් සහ මහජන බැංකුවට රුපියල් කෝටි 3,000 හිඟ ඇති බවත් හෙතෙම කීය.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායක කොළඹ පැවැති විශේෂ සමුළුවක දී එම හෙළිදරව්ව කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *