ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් හදන්න බලපෑම් කළ අය හෙළි කරනු..! – ගෙවිඳුගෙන් කතානායකට ලිපියක්…

April 2, 2024 at 3:08 pm | by emanisa.lk

අරගල සමයේ ව්‍යවස්ථා විරෝධීව ආණ්ඩුවක් පිහිටුවීමට බලපෑම් කළ පාර්ශ්ව හෙළි කරන ලෙස ඉල්ලා යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.

කතානායකවරයාට එරෙහිව එල්ල වූ විශ්වාසභංග යෝජනාව බහුතර ඡන්දයෙන් පරාජයට පත්වීමෙන් පසු ඔහු පාර්ලිමේන්තුව අමතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ ලිපිය යොමු කර තිබේ.

ගෙවිඳු කුමාරතුංග එම ලිපිය මගින් ඉල්ලා සිටින්නේ කතානායකවරයාට ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපති ධූරය භාර ගෙන රජයක් පිහිටුවීම සඳහා බලපෑම් කළ දෙස් විදෙස් පාර්ශ්ව හෙළි කරන ලෙසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *