වහාම පළාත් සභා මැතිවරණය තබනු! – ජනපති

January 29, 2019 at 10:23 am | by admin

මැයි මස 31 වැනිදාට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කැබිනට් මණ්ඩලයට දැනුම් දී තිබේ. ජනාධිපතිවරයා යෝජනාවක් ඉදිරිපත් කරමින් කැබිනට් මණ්ඩලයට මේ පිළිබඳව දැනුම් දී ඇති බව වාර්තා වේ.

කෙසේ නමුත් එජාපය තවමත් මැතිවරණයකට යාමට බියක් දක්වන අතර සීමා නිර්ණනය පදනම් කරගෙන අවුලක් නිර්මාණය කර දිගින් දිගටම මැතිවරණ කල් දැමීමට කටයුතු කළේය. පළාත් පාලන මැතිවරණය පවා ඔවුන් ලබා දුන්නේ තව දුරටත් එය කල් දැමිය නොහැකි තැනටම පත්වීම නිසාය. එම මැතිවරණයෙන් ඔවුන් දැවැන්ත පරාජයක් ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *