වසර 120ක් පැරණි සිංහල ගීයක් ජාතික උරුමයක් වෙයි…!

May 16, 2023 at 1:24 pm | by emanisa.lk

මෙරට පැරණිතම බෞද්ධ ගීතයටක් වන දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමි වෙයි.

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මේ බව අද (16) පැවසීය.

ජෝන් ද සිල්වා ශූරීන් 1903 වසරේ සිරිසඟබෝ නාට්‍යයට රචනා කළ, විශ්වනාත් ලව්ජි තනු නිර්මාණය කළ මෙම ගීතය ජාත්‍යන්තර ඇගයීමට පවා ලක්වූ සංස්කෘතිකමය වටිනාකමින් යුත් ගීතයකි.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මෙම ගීතය ඉතිහාසයේ ජාතික ගීයට සමාන ගරු බුහුමනට පාත්‍ර වූ ගීතයක් බව ද සඳහන් කළේය.

පළාත් සභා, පළාත් පාලන, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා සහ අග්‍රාමාත්‍යවරයා ලෙස දිනේෂ් ගුණවර්ධන දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්ම ස්කන්ධා ගීතය ජාතික උරුමයක් බවට පත්කිරීමට ඉදිරිපත් කළ යෝජනාව කැබිනට් මණ්ඩලය පිළිගත් බව ද වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස