වසරක් ඇතුළත වෛද්‍යවරු 800ක් රට හැර යති.. පෞද්ගලික රෝහල්වලටත් දූෂ්කරතා…!

June 24, 2024 at 10:38 am | by emanisa.lk

පසුගිය වසර හතර තුළ වෛද්‍යවරුන් රට හැම වේගවත්ව ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සඳහනේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසයි.

එම සන්ධානය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගන්නා ලද නවතම දත්තලින් මෙම තත්ත්වය අනාවරණය වී ඇත.

2000 වසරේදී වෛද්‍යවරු සීයකට ආසන්න ප්‍රමාණයක් රට හැර ගොස් ඇති අතර පසුගිය වසරේදී මෙම සංඛ්‍යාව අටසීයකට ආසන්න වී ඇත.

මේ අනුව වෛද්‍යවරු රට හැර යෑම වේගවත් වී ඇති අතර ඇතැම් වෛද්‍යවරුන් රාජ්‍ය සේවයට එකතුවීමෙන් අනතුරුව රට හැර යන අතර නවතම තත්ත්වය වී ඇත්තේ වෛද්‍ය පීඨ අවසාන විභාගය සමත්ව රාජ්‍ය සේවයට එකතු නොවී රට හැර යාමයි.

විශේෂඥ වෛද්‍යවරු රට හැර යාම රාජ්‍ය සේවයට පමණක් නොව පෞද්ගලික රෝහල්වලටද බලපාන බව වැඩිදුරටත් ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *