වර්ජිත වෘත්තීය සමිති මිනිස්කමට නිඟා දෙයි….! කොවිඩ් එන්නත් තොග සඟවයි…. ජනතාව මහ පාරේ….!

July 1, 2021 at 11:38 pm | by emanisa.lk

ඊයේ (30) දින ලංකාව පුරා එන්නත් මාත්‍රා 173, 520ක් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තා තහවුරු කරයි.

කෙසේ වුව ද අද ක්‍රියාත්මක වූ හෙද වර්ජනය නිසා රට පුරා කොවිඩ් එන්නත්කරණ කටයුතු අඩාල වී තිබේ.

හෙද වර්ජනය නිසා එන්නත්කරණ කටයුතු සඳහා වෛද්‍යවරුන් ද එක්ව ඇතැයි වාර්තා වෙයි.

ඇතැම් රෝහල්වලට ලබා දුන් එන්නත් තොග මෙම වර්ජනයට සම්න්ධ කණ්ඩායම් විසින් ගබඩා කර යතුරු රැගෙන යාම නිසා එන්නත්කරණ කටයුතු සම්පූර්ණයෙන් අඩාල වී ඇත.

ඇතැම් වෘත්තීය සමිති කොවිඩ් මර්දන එන්නත් ලබා දීමේ වැඩසටහන කඩාකප්පල් කිරීමට කටයුතු කරමින් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *