වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් කල් කිසිම පක්ෂයකට මේ රටේ ස්ථාවර ආණ්ඩුවක් හදන්න බෑ

January 24, 2019 at 2:16 am | by admin

වත්මන් ව්‍යවස්ථාව තිබෙනතාක් කල් මේ රට කිසිදු පක්ෂයකට ස්ථාවර ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වන බවත් නව ව්‍යවස්ථාවක් ඇතිකොට රටේ සංහිඳියා ඇති කළ යුතු යැයි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා වූ සම්බන්ධීකරණ කාර්යාල මෙහෙයවීමෙන් ගම්පහ දිස්ත්‍රික් සම්මන්ත්‍රණයේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ හා මහජන අදහස් විමසීම් කමිටු සාමාජික එක්සත් ජනතා පෙරමුණේ දේශපාලන පක්ෂයේ නායක, සිරිමසිරි හපුආරච්චි මහතා පැවසීය.

ගම්පහ මැදගම සිරිසුනන්දාරාම ධර්ම ධූත පිරිවෙන් මහ විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී පැවති මෙම සම්මන්ත්‍රණයේ දී හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසුවේය.

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩි දියුණු කිරීම සඳහා ඇතිබාධක දුරුකර වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රට ලෙස ලොව ඉහළ තලයකට ශ්‍රී ලංකාව නංවාලීමට නව ව්‍යවස්ථා සම්පාදනයෙන් හැකි වන බවත් සියලුම දෙනාගේ එකඟත්වයක් ඇතිව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කටයුතු කරන්නේ රට බෙදන්න නොවේ. රට එක්සත් කරන්න බලහවුල්කාරීත්වයකට සියලුම දෙනා එකඟ කරන්නයි.

නිදහසෙන් පසු රටක් වශයෙන් අප මුහුණ දුන්න ජාතික ප්‍රශ්නයට දේශපාලනික විසඳුම් ලබාදීමට ප්‍රතිඥා දුන්නත් බලයටපත් වන සියලුම නායකයන් රට ඉදිරියේ බලයට පත් වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකර නව ව්‍යවස්ථාවක් ගෙන එන බවයි.එමෙන්ම ප්‍රධාන දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති ප්‍රකාශවලින් ද අපට දැක බලා ගත හැකියි.

කෙසේ වුවද 2015 ජනාධිපතිවරණය අවස්ථාවේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති වන ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කරන බව ප්‍රකාශ කළ ද මෙතෙක් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පළාත් සභා බලවත් කිරීමට මිස ස්ථාවර පාර්ලිමේන්තුවක් ඇති කර ගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවක් දැකිය නොහැකිය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස