වත්මන් ආණ්ඩුව යටතේ වල් ඌරු ඝාතන දර්ශකයත් ඉහළට!

January 30, 2019 at 2:10 am | by admin

වගාවලට හානි සිදු කරන බැවින් වල් ඌරන් මැරීමට අවසර ලබාදෙන බවට පසුගිය කාලයේදී දේශපාලනඥයන් කිහිපදෙනෙකු ප්‍රකාශ කිරීම හේතුවෙන් වල් ඌරන් මරණයට පත්කිරීම ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබෙන බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු සඳහන් කරති.

එහෙත් වල් ඌරන් සම්බන්ධයෙන් පවතින නීති සංශෝධනය වී නොමැති බැවින් වල් ඌරන් ඝාතනය, මස් අලෙවි කිරීම හා විකිණීමට ප්‍රදර්ශනය කිරීම නීතියෙන් දඬුවම් ලැබෙන වරදක් බව එම දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දෙති.

ලංකාවේ පවතින නීතියට අනුව ජීවිතය ආරක්‍ෂා කර ගැනීමට හෝ වගා ආරක්‍ෂා කිරීමට වල් ඌරෙකු මරණයට පත්කළ හැකි වුවද, ඒ පිළිබඳ තහවුරු කිරීමට හැකියාව තිබිය යුතු බවත්, එහෙත් මස් අලෙවි කිරීම, ප්‍රවාහනය හා අලෙවි කිරීමට ප්‍රදර්ශනය කිරීම දඬුවම් ලැබෙන වරදක් බවත් වනජීවී නිලධාරීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස