වක්‍ර බදු සියයට 90%යි.. ඍජු බදු සියයට 10යි…! රටේ බදු ප්‍රතිපත්තිය ඉතා ම අසාධාරණයි..!

January 28, 2024 at 11:18 am | by emanisa.lk

රජය දැන් මෙරට ජනතාවගෙන් 85%-90%ත් අතර වක්‍ර බදු අයකරන අතර ඍජු බදු අය කරන්නේ 10%-15%ත් අතර ගණනකින් බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති හා හිටපු අමාත්‍ය ඩිව් ගුණසේකර පවසයි.

රටේ බදු ප්‍රතිපත්තිය ඉතාම අසාධාරණ ලෙස ජනතාව පීඩාවට පත් කර තිබෙන බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එක්සත් ජාතින්ගේ සංවර්ධන වැඩසටහනේ නවතම වාර්තාව අනුව දැනට රටේ ආදායම් බෙදී යාමේ විෂමතාව ද බෙහෙවින් පුළුල් වී තිබේ. ඒ අනුව රටේ සමස්ත වත්කම්වලින් 31% ක්ම භුක්ති විඳින්නේ සමස්ත ජනගහනයෙන් 1% ක ධනවතුන් පිරිසකි. සමස්ත වත්කම්වලින් 64% ක් භුක්ති විඳින්නේ 10% ක පිරිසකි. 5% ක් තරම් ඉතිරි සොච්චම් වත්කම් ප්‍රමාණය සෙසු ජනතාව භුක්ති විඳින බව ද ඩීව් ගුණසේකර ප්‍රකාශ කරයි.

මේ තරම් ආදායම් විෂමතාවක් හා දරිද්‍රතාවක් ඇතත් ඒ ගැන අවබෝධ කර ගැනීමට අප රටේ ජනතාවට දේශපාලන සාක්ෂරතාවක් නොමැති බැවින් වැට් ආදී නොයෙක් බදු පනවා තවදුරටත් ජනතාව පීඩාවට පත් කරමින් සිටින බව ද හෙතෙම කීය.

කෙසේ වෙතත් වැඩ කරන ජනතාවගේ පීඩනය වැඩි වී ඉදිරියේ විශාල වර්ජන රැල්ලක් නිර්මාණය වෙමින් තිබෙන බව ද ඩීව් ගුණසේකර සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *