ලන්ඩන් පුරපති සිංහල හින්දු අලුත් අවුරුද්ද පුතණ්ඩු වස්තුකල් කරමින් දෙමළ ජනතාවට පමණක් සුබ පතයි! (video)

April 17, 2019 at 9:08 am | by admin

ලන්ඩන් පුරපති සාදික් ඛාන් සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් ලන්ඩනයේ සහ ලොව පුරා වෙසෙන දෙමළ ජනතාවට පමණක් සුබ පැතීම බොහෝ දෙනාගේ විවේචනයට විරෝධයට ලක්ව තිබේ.

සිංහල හින්දු අලුත් අවුරුදු උදාව දෙමළ ජනතාවට වඩා සිංහල ජනතාව මහත් උත්කර්ෂවත් ලෙස සමරන අතර ලන්ඩනයේ දෙමළ ජනතාවට වඩා සිංහල ජනතාව වෙසෙති.

මෙවැනි පසුබිමක සිංහලයන්ගේ ප්‍රධාන සංස්කෘතික උළෙල සඳහා ඔවුන්ට සුබ පැතීම් නොකොට දෙමළ ජනතාවට පමණක් සුබ පැතීම අනුමත කළ හැකි දෙයක් නොවේ. එය නත්තල වෙනුවෙන් බෞද්ධ ජනතාවට සුබ පැතීම වැනි කටයුත්තකි.

මෙම සදාචාර විරෝධී ක්‍රියාවට එරෙහිව ලන්ඩනයේ සහ ලොව පුරා වෙසෙන සිංහල ජනතාව ලන්ඩන් පුරපතිවරයාට සිය විරෝධය ලිඛිතව පළ කරමින් සිටින අතර ඇතැම් පිරිස් විරෝධතා ද පවත්වා තිබේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *