ලංගම රිය සහයකයින් දැවැන්ත වංචාවක… සතියක පාඩුව මිලියන 70යි…!

April 1, 2024 at 3:07 pm | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් මිලියනකට අධික ආදායමක් අහිමි වන බව වාර්තා වෙයි.

ටිකට් නිකුත් කිරීමේ දී කොන්දොස්තරවරුන් වංචනික ලෙස මෙම මුදල සොරකම් කරන බව අනාවරණය වී තිබේ.

කොන්දොස්තරුන් දුර ගමන් සඳහා ටිකට්පත් නිකුත් නොකිරීමේ සිදුවීම් අනාවරණය වීමත් සමග මෙම වංචාව හඳුනා ගෙන ඇත.

ටිකට්පත් නොදීමේ වංචා නිසා සතියකට දළ වශයෙන් කොන්දොස්තරවරුන් 30කගේ පමණ තාවකාලිකව වැඩ තහනම් වෙයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ ඩීපෝ 107ක් ක්‍රියාත්මක වන අතර රියදුරෝ 7600ක් ද කොස්දොස්තරවරු 7300ක් ද සේවය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *