ලංකාව ලිබියාවක් කරන්න ඇමරිකාව හැදුවේ…! රනිල් නොගිය නිසා කුමන්ත්‍රණය අඩාල වූණා…! – විමල්…

April 26, 2023 at 1:10 pm | by emanisa.lk

මැයි 09 අරගලය අවස්ථාවේ පළා යමින් සිටි ගෝඨාභය රාජපක්ෂට, අගමැති රනිල් වික්‍රමසිංහ ද ඉවත් කොට ඉල්ලා අස්වන ලෙස ඇමරිකාව සහ ඉන්දියාව බලකළ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසයි.

ජනාධිපති ලේකම්වරයා අදාළ ලිපි දෙක සකස් කොට ගෝඨාභය රාජපක්ෂ වෙත යැව්ව ද ඔහු අත්සන් කළේ තමා ඉල්ලා අස්වීමේ ලිපියට පමණක් බවයි, ඔහු සඳහන් කළේ.

අනතුරුව කතා නායක නිල නිවසට ගිය ඇමරිකානු තානාපතිනිය, ව්‍යවස්ථාව ඉවත දමා ජනාධිපති ධූරය භාර ගන්නා ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධනගෙන් ඉල්ලා සිටිය ද එය ඉටු නොවූ නිසා රනිල් වික්‍රමසිංහට ජනාධිපති ධූරය හිමි වූ බව හිටපු ඇමැතිවරයා පෙන්වා දෙයි.

මේ නිසා ලිබියාවේ යුක්‍රේනයේ මෙන් අපේ රට ලේ විලක් කොට අරාජික පාලනයක් ගොඩනැඟීමේ අවස්ථාව මේ නිසා ගිලිහුණු බව විමල් වීරවංශ සඳහන් කළේ, “නවය; සැඟවුණු කතාව” නම් සිය කෘතිය එළිදැක්වීමේ අවස්ථාවට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස